Wednesday, March 23, 2016

Mage Sathuta Aran Lyrics - Nalinda Ranasinghe

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත්
ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි
මං ගැනවත් මං නොසිතනා තරම්
මුළු ලොවට හොරෙන් පෙම් කළානෙ මං
දිවියේ පුරා ඔබ එන තුරා මම ඉන්නවා තනිවෙලා
සැනසුම ඔයා ගෙනෙනා තුරා මම ඉන්නවා මග බලා

තනිකම රැඳිලා මේ පපුව පුරා
උණු කඳුළු බිංදු වැටුනා
හදවත ගැඹුරේ මගෙ සෙනෙහෙ තියේ
මහ මෙරක් තරම් පිරිලා 
පණ වාගේ ඉන්නවා කියා
හැර දාලා ඔබ ගියේ එදා
මගෙ හිතේ සැනසුම අරන් ඔයා

පෙම් වචන පවා අමතකව ගිහින්
හිත රිදුනු හින්දා හඬලා
ඔබ ආයේ ඇවිත් හීනයට මගේ
රිදවන්නේ ඇයිද හැමදා
පණ වාගේ ඉන්නවා කියා
හැර දාලා ඔබ ගියේ එදා
මගෙ හිතේ සැනසුම අරන් ඔයා

මගෙ සතුට අරන්....


Mage Sathuta Aran Lyrics - Nalinda Ranasinghe
Mage Sathuta Aran Lyrics - Nalinda Ranasinghe 



No comments:

Post a Comment